About Me

Social Media / Insurance Consultant and Journalist

Henaka Ralalage Shanuka Shehan Kumara also known as Shanuka Shehan (Sinhalese: ශනුක ෂෙහාන්) is a Social Media Consultant, Journalist, Insurance Consultant and Digital Marketing Strategist in Sri Lanka.

Brithday 24-06-2002
Call (+94)74-0047230
Email director@srilankapuwath.com
Website www.shanukashehan.com
Biography Contact Me

My Skill

An Consultant in the field of Social Media and Digital Marketing, I'm entered to Social Media Industry since 2018. I have succesfully completed The 'Youtube Certified' Assesment conducted by 'Youtube' and I have also succesfully completed several courses on Digital Marketing at 'Google'.

I'm proffessionaly working in the field of Social Media, Digital Marketing and Insurance, I also have skills in Programming and Graphic Designing.

Social Media
Digital Marketing
Insurance Consulting
Graphic Designing

My Services

What i offer

Social Media Consultation

I would provide Social Media related consulting services.

Insurance Consultation

Plan Your Future Today! Contact now for all your insurance needs. (+94) 71-3857230

Copyrights Management

I would assist you to assert your rights and entitlements on Social Media.

105

Happy Clients

120

Completed Jobs

5

Projects

03

Articles

My Experience

My Recent Experiences
Feb 2019 - Present
Founder | Instructor

I have started SM Brain Social Media and Marketing academy in 2019 for the social media users in Sri Lanka. I'm currently working as its Founder and a Social Media Instructor.

Apr 2020 - Present
Director

I have launched the 'Sri Lanka Puwath Online Media Network'in 2020.The "Sri Lanka Puwath" Media Network, which in a very short period of time has become one of the most trusted media networks in Sri Lanka, I'm currently working as Director on it.

Mar 2021 - Present
Insurance Consultant

In 2021, I have started working as an 'Insurance Consualtant' on Sri Lanka Insurance Coporation.

My Blog

Latest blog

පසුගියදා (අප්‍රේල් 3), Facebook හි පරිශීලකයින් මිලියන 533 කට වැඩි පිරිසකගේ පෞද්ගලික දත්ත නොමිලයේ අන්තර්ජාලයට නිකුත් වූ බව ඔබ දැනටමත් දන්නවා ඇති. ඒ අතර විශේෂයෙන්, පරිශීලකයින්ගේ දුරකථන අංක, ඊමේල් ලිපින, ආදී තොරතුරුද ඇතුළත් විය. හැකර්වරුන් විසින් නොමිලයේම අන්තර්ජාලය වෙත නිකුත් කර ඇති මෙම දත්ත ඔවුන්ගේ 'Forum' එකක් ආශ්‍රයෙන් මෙලෙස නිකුත් වී ඇති බව මේ ආශ්‍රිතව විමසා බැලීමේදි සොයාගත හැකිවිය. 

මේ සම්බන්ධව වැඩිදුරටත් සොයා බැලීමේදී මෙම දත්ත ගොනුව, එම "Forum" එක වෙත 2021 පෙබරවාරි මස ඇතුළත් වූ නව සාමාජිකයෙකු විසින් එක් කර ඇති බව සොයාගත හැකිවිය. එහිදී ඔහු,

"I have Facebook 533 Million records
106 Countries for Free" 

යනුවෙන් සදහන් කර ඇත. ඔහුගේ ගිණුම සම්බන්ධව ලැබුනු සාධක මත පදනම්ව ඔහුගේ ගිණුම නවක ගිණුමක් (New User) ලෙස පවතින බව පෙනී යයි.

නමුත් අන්ර්ජාලයට නිකුත් වූ තවත් තොරතුරු ආශ්‍රයෙන් විමසා බැලූ විට මෙම දත්ත මීට මාස කිහිපයකට "පෙර" නිකුත් ඇති බවක් පෙනීයයි..

මේ ආශ්‍රිතව විමසා බැලූ විට ඉහත සදහන් කළ ගිණුමෙන් මෙම දත්ත "නොමිලයේම" ලබා දී ඇති නමුත් මීට පෙර "එම දත්ත ගොනුවම" තවත් ගිණුමකින්, "අළෙවි කර ඇති බව" පෙනීයයි. 

එම ගිණුම ගැන විස්තර කිරීමේදී,
එම ගිණුම 2020 ජූනි මාසයේදී ආරම්භ කර ඇති බවත්,
එම ගිණුම ඒ වනවිට "GOD User" ගිණුමක් ලෙස පැවති බවත් (උසස් Level එකක්) පෙනී යයි.

මේ ආශ්‍රිතව විමසා බැලීමේදී සරලවම,

✓ ඉහත සදහන් කළ නොමිලයේ නිකුත් කළ දත්ත ගොනුවම, මෙම ගිණුමෙන් 2020 ජූනි මස 06 වැනි දින,"අලෙවි කිරීම" සදහා නිකුත් කර ඇති බවත්, 

✓ සදහන් කර ඇති විස්තර එක හා සමාන බවත් වැටහේ..

මේ ආශ්‍රිතව විමසා බැලීමේදි පෙනී යන්නේ මෙසේ පෙරේරා දින නිකුත් වූ දත්ත සමූහය ඇත්ත වශයෙන්ම නිකුත් වී ඇත්තේ මීට "මාස 10" දහයකට පෙරාතුව බවයි.. 

මෙලෙස ලැබී ඇති තොරතුරු මත විමසා බැලූ විට මෙම දත්ත ගොනුවම මීට පෙර "නිකුත් වී තිබූ බවට" මෙලෙස සාධාරණ සැකයක් මතුවන අතරම මෙය සැබැවින්ම "නැවත පළකිරීමක්" වැනි ක්‍රියාවක් බව පෙනීයයි.

කෙසේ වුවත් දැනට වාර්තාවන තොරතුරු අනුව මේ අතර ශ්‍රී ලාංකීය පරිශීලක දත්ත ඇතුළත් නොවන බව සදහන් වේ. "නමුත් මෙය ස්ථිර තොරතුරක් නොවේ."

එසේම, මෙය මෙසේ සිදුවූ පළමු අවස්ථාවද නොවේ. ඔබ මේ ආශ්‍රිතව උනන්දුවක් දක්වන අයෙක්නම් මින් පෙරද මෙසේ "දත්ත සොරාගත්" අවස්ථා දැක ඇති..

කෙසේවුවත් තමාගේ පෞද්ගලිකත්වය ගැන සම්පූර්ණ අයිතිය ඇත්තේ තමාටයි, එසේම තමාගේ පෞද්ගලිකත්වය ගැන තීරණ ගැනීමේ අයිතියද ඔබ සතුයි...

"2-step Verification නිතරම On කරලා තියාගන්න, නිතරම ඔබේ ගිණුමේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට වග බලාගන්න.."

(මේ ආශ්‍රිත Screenshots ආදිය අවශ්‍යනම් Shanuka Shehan වෙබ් පිටුවට පණිවුඩයක් යොමු කරන්න..)

© Shanuka Shehan
අද කතා කරමු "බ්ලූ බැජ්" එක ගැන, එහෙමත් නැත්නම් Verification ගැන..සරලව..

• ඇත්තටම මොකක්ද මේ Blue Verification/ Verified Badge/ Blue Badge/ Verification Checkmark කියන්නෙ?

හිතන්න ඔයා මොකක්මහරි ක්ෂේත්‍රයක කැපී පෙනෙන චරිතයක් කියලා. (ගායකයෙක් වේවා, නලුවෙක්/නිළියක් වේවා, ක්‍රීඩකයෙක් වේවා..මේ වගේ ඕනම ක්ෂේත්‍රයක ටිකක් කැපී පෙනෙන චරිතයක් කියලා හිතන්න..)

ඉතින් ඔයා යම්කිසි Social Media Platform එකක ගිණුමක් හදනවා. ඉතින් ඔයා මේ ගිණුම පවත්වාගෙන යද්දි ඔයාගෙ Details ම දාලා තවත් කෙනෙක් හෝ කීපදෙනෙක් ඔයාගෙ වගේම Account එකක් හෝ කීපයක් පවත්වාගෙන යනවා. ඉතින් මෙතනදි ඔයා ප්‍රසිද්ධයි කියන්නෙ අනිවාර්යයෙන් ඔයා වටේ යම්කිසි පිරිසක් රැදිලා ඉන්නවා (Audience). ඉතින් මේ Audience එක/ ඔයාගෙ ප්‍රේක්ෂකයො ටික ඔයා රැක ගන්න ඕන..

ඔන්න දැන් හිතන්න ඔයාගෙ නමින් Fake Account එකක් හදාගෙන ඉන්න කෙනෙක් ගැන.. ඉතින් මේ කෙනාගෙ වැඩේ ඔයාගෙම දේවල් නිතර Upload කරගෙන එයාට ඕන විදිහට එහෙමත් නැත්නම් එයාගෙ විදිහට Account එක නඩත්තු කරගෙන යන එක. තවත් විදිහකින් කීවොත් යම්කිසි ආකාරයකින්, ඔයාගෙ අනන්‍යතාවය සොරාගැනීමක්/ පාලනය කිරීමක් මේ කරන්නෙ..

සමහරක්විට ඔයාගෙ Profile එකේ Follows සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක් ඒ 'Fake' Profile එකට ඉන්නත් පුළුවන්..මේ ආශ්‍රිත හේතූන් නිසා බහුතරයක් පිරිස ඔයාගෙ ඇත්තම Profile එකට එකතු වෙනවා වෙනුවට මේ 'Fake' Profile එකට එකතු වෙන්න පුළුවන්. කෙටියෙන්ම කීවොත් ඔයාගෙ Audience එක නොමග යනවා.. ඉතින් මේ පුද්ගලයා ඔයාගෙ හතුරෙක් වුනොත්....

ඉතින් හිතන්න මේ ආශ්‍රිත තැනකදි වෙන්න පුළුවන් දේවල්.. ප්‍රධාන වශයෙන්,
√ ඔයාගේ වටේ එකතු වෙලා ඉන්න පිරිස (Audience) එක නොමග යන්න පුළුවන්.
√ ඔයාගෙ ප්‍රතිරූපයට සෘජුවම හානියක් වෙන්න පුළුවන් ඉඩකඩ වැඩියි.
ඉතින් මේ වගේ තවත් ගොඩක් අවාසිදායක තත්ත්ව වලට ඔයාට මුහුණ දෙන්න වෙනවා..

ඉතින් මේවගේ අවස්ථාවලදී ඔයාගෙ අනන්‍යතාවය අනිත් අයගෙන් බේරගන්න, ඔයාගේ Audience එක 'අතරමං' වෙන එක/ නොමග යාම නතර කරන්න තමයි Verification කියලා දෙයක් හදුන්වා දීලා තියෙන්නේ. 

මෙතනදි ඒ ඒ සමාගම් විසින් යම්කිසි ක්‍රියාවලික් ඔස්සේ ඔයාව ඒ ඒ Platforms තුළ තහවුරු කිරීමක් කරනවා. ඔයාගෙ Profile එක වෙන්න පුළුවන්, Page එකක් වෙන්න පුළුවන් , මේ Profile එක/ Page එක ඔයාගෙමයි, නැත්නම් නිළ ගිණුම/ පිටුව මේකයි කියන එක අනිත් අයට පෙන්නලා දෙන එක තමයි මෙතනදි වෙන්නෙ. මේ සදහා තමයි එයාලා Verified සළකුණක් භාවිතා කරන්නෙ. ඔවුන්ගේ තහවුරු කිරීමේ ක්‍රියාවලිය ( Verification Process ) ඔයා සම්පූර්ණ කරොත් ඔයාගෙ 'නම' අවසානයේ අදාළ සළකුණ (Verified checkmark) පෙන්නුම් කරනවා.

• මේ Badge එක ගන්න සුදුසුකම් මොනවද?

ඔයා යම්කිසි හෝ ප්‍රසිද්ධියක් උසුලන පුද්ගලයෙක්නම්, කෙටියෙන්ම කීවොත් ඔයා වටේ මිනිස්සු එකතු වෙලා ඉන්නවනම් මේක ගන්න එක අමාරු දෙයක් නෙවේ.

මූලිකවම,
• ඔබ යම්කිසි ප්‍රසිද්ධියක් උසුලන කෙනෙක් වෙන්න ඕන.
ඔයාට "Public Presence" එකක් තියෙන්න ඕන සරලවම කීවොත් මිනිස්සු අතර ඔයා "චරිතයක්" වෙන්න ඕන, මිනිස්සු ඔයා ගැන හොයන්න ඕන..

මීට අමතරව එක් එක් සමාගම් මේ සදහා යොදාගන්නා ක්‍රමවේදයන් / Requirements වෙනස් විය හැකියි.

• මොකක්ද මේ Badge එක ගැනීමේ වාසිය?

මෙය ලබාගැනීමේ එකම වාසිය නම්, මිනිසුන් නොමග යෑම වැළකීම හා ඔබගේ අනන්‍යතාවයට / චරිතයට හානියක් වීමේ අවදානම අඩු වීමයි.

මීට අමතරව කිසිදු Feature එකක් Verified ලකුණ ඇරෙන්නට හිමි නොවේ. 

• ඔයා මේ සදහා ( Verification ) සුදුසුකම් ලබා ඇත්දැයි පරීක්ෂා කරන්නෙ කොහොමද?

මේ සදහා ඒ ඒ Platforms වලින් ඔබට ඉල්ලීමක් ( Request ) කළ හැකිය.
• Facebook හි නම්, මේ සදහා වෙන්කළ පෝරමයක් ඇත.
https://www.facebook.com/help/contact/342509036134712
https://www.facebook.com/help/1288173394636262 

• මීට අමතරව Instagram වල නම්, Settings - > Account - > Request Verification ඔස්සේද ඔබට ඉල්ලීමක් කළ හැකිය.

• මේ වනවිටත් 'Twitter' Verification අවුරුදු කිහිපයක් තිස්සේ තාවකාලිකව නවතා දමා ඇති නමුත් එළැඹෙන 2021 ආරම්භයේ සිට නැවත එය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව නිළ වශයෙන් මේ වනවිටත් එම සමාගම දැනුම් දී ඇත.
https://help.twitter.com/en/managing-your-account/about-twitter-verified-accounts

මෙහිදී අදාල සමාගම විසින් මෙම ඉල්ලීම (Request) Review කර ඔබ වෙත ආපසු දැනුම් දීමක් සිදු කරයි. මෙහිදී ඔබ මේ සදහා සුදුසුකම් ලබා ඇත්නම් ඔබගේ අනන්‍යතාවය ඔප්පු කිරීමෙන් ඔබේ ගිණුම සත්‍යාපනය කර ගත හැකිය.

• Blue Badge / Verification ආශ්‍රිත ගැටලු සහ මතවාද -

× Verified Badge එකත් එක්ක ඒ ඒ Platforms තුළ යම්කිසි බලයක් හිමිවෙනවාද?

කිසිසේත්ම නැත. Verification යනු ඉහත දැක්වූ පරිදි හුදෙක් අනන්‍යතාවය තහවුරු කිරීමක් පමණකි.

× Verify කරන්න නම් Likes, Follows, Reach විශාල සංඛ්‍යාවක් තියෙන්න ඕනද? 

ඔව්. ඒත් එක්කම නෑ කියලත් කියන්න පුළුවන්..
ඇයි "නෑ" කියන්නෙ, 
හිතන්න, උදාහරණයකට ගත්තොත් හැමෝම දන්න "ශාරුක් ඛාන්".. ඉතින් ශාරුක්ගේ Fan base එක කොහොමද කියන එක ඕනම කෙනෙක් දන්නවා. ඉතින් ඔයා ටිකකට හිතලා බලන්න ශාරුක් ට මේ වෙනකම් Facebook Page එකක් තිබුණෙ නෑ කියලා. ඉතින් ශාරුක් අද දවසෙ නම් තමන්ගෙම කියලා Facebook Page එකක් නිර්මාණය කරේ, Facebook Platform එක තුළ ශාරුක් ගේ Real Page එක අනිත් Fake Pages, Accounts අතරින් Highlight කරලා පෙන්නන්න ඕන නේද? ඒ පිටුව ඉක්මනින්ම සත්‍යාපනය (Verify) කිරීමට අවශ්‍යයි නේද? (දළ අදහසක් ගන්න..)

ඒවගේම මෙතනදි පිටුව ආරම්භ කරේ 'අද' ද, 'ඊයෙ' ද, දැන් 'අවුරුද්දකට කලින්' ද කියන කාල සීමාවෙ අදාලත්වයක් ද නැත.

Likes තියෙනවද, Followers ලා ඉන්නවද, හොද Reach එකක් තියෙනවද, කියන එක මෙතනදි 'ඉතා වැදගත්' නැහැ. ඔබ මේ සදහා සුදුසුකම් සපුරන ලද කෙනෙක්නම් නිසැකවම මෙය හිමි වේ.

× Verification එක ගන්නෙ කොහොමද? මේ සදහා පළපුරුදු අයෙකු අවශ්‍යමද? 

නැත. පළමුව ඔබට, ඔබ මේ සදහා 'සුදුසුද' යන්න පරික්ෂා කරගත හැකිය. ( ඉහතින් විස්තර කර ඇත. ) 

ඔබ සුදුසුකම් සපුරා ඇත්නම් ඊළගට කළ යුත්තේ සරලවම කිවහොත් ඔබගේ අනන්‍යතාවය ඔප්පු කිරීමයි. ( මෙම කාර්යයේදි සහයක් අවශ්‍යනම්/ ඔබට තනිව කළමණාකරණය කරගත නොහැකි නම්, මෙතැනදී පළපුරුදු අයෙකුගේ සහය ලබාගත යුතුයි. )

ඉන්පසු යම්කිසි ක්‍රියාවලියක් යටතේ ( Verification Process ) ඔවුන් ඔබගේ ගිණුම/ පිටුව සත්‍යාපනය ( Verify ) කිරීම සිදු කරයි. 

× Verification Badge එක ගන්න කොයිතරම් මුදලක් වැය කරන්න ඕනද? 

ඇත්තටම කිසිදු සමාගමකින් Verification සදහා කිසිදු මුදලක් අය නොකරයි. ඔබ මෙම ක්‍රියාවලියේදී තවත් අයෙකුගේ උපකාර ලබාගන්නවානම් මිසක කිසිදු මුදලක් ඒ ඒ ආයතනයට ගෙවිය යුතු නැත. 

× Verified Badge මුදලට ලබාගත හැකිද?

කිසිදු සමාගමකින් Verified Badge මුදලට ලබාගත නොහැකිය. 


"Facebook Feed එක ඔයාව Motivate කරන තැනක් කරගමු."

Facebook එකේ, 
දවසට කීවතාවක් එහෙමෙහෙ යනවද?කොච්චර කාලයක් රැදිලා ඉන්නවද?ඒ හිටපු කාලය ඇතුලත ජීවිතේට දෙයක් ගත්තද?නැද්ද?මේ ප්‍රශ්න තුන ඔයා ඔයාගෙන්ම ටිකක් අහලා බලන්න. 
තව දෙයක්,මෙතනින් එහාට මෙන්න මේක හිතේ තියාගෙන මේක කියවන්න,

"සමාජ ජාලා යනු හොද නරක මේ දෙකම එක හා සමානව රැදෙන තැනක්, සිතුවිලි පවා පාලනය කිරීමට හැකියාවක් ඇති තැනක්..උපරිම ප්‍රයෝජන ගත හැකි තැනක්. නමුදු ඔබ ඒ සදහා දක්ෂ විය යුතුය."

අපි දැන් මේ ගැන කතා කරමු.

1. ඔයාට වැඩක් නැති නිෂ්ඵල දේවල් අයින් කරලා දාන්න.
ඔයාට පුළුවන් ඔයා අකමැති/ නිෂ්ඵල Post දැක්ක ගමන් පළවෙනි සැරේ ඒවා Hide කරන්න.නැවත නැවතත් ඒ Page එකෙන්,Group එකෙන් හෝ Profile එකෙන් ඒ වගේ දේවල්ම පළ කරනවනම් ඔයාට පුළුවන් ඒවා Unfollow කරන්න. එතකොට ඔයාගේ Feed එකේ නැවත එයාල පළකරන දේවල් නොපෙනේවි.

2. ඔයාගේ ක්ෂේත්‍රයට, වෘත්තියට ගැලපෙන Active Facebook Groups,Pages එක්ක එකතු වෙන්න.Success Stories වගේ Motivational දේවල් Share කරන Pages,Groups එක්ක එකතු වෙන්න.

ඔයාට පුළුවන් ඉහතදී සදහන් කල Groups,Pages නිතරම ඇසුරු කරන්න. ඒවගේ Pages,Groups නිතරම Follow කරලා තියාගන්න.

මේ වගේ Groups වලට හොදම උදාහරණක් තමයි Online Entrepreneurs Club™ Group එක.හිතන්න මේ වගේ තැනක ගොඩක්ම රැදිලා ඉන්නේ වැඩක් කරන පුද්ගලයෝ,සාර්ථක පුද්ගලයෝ,ඉගෙනගන්න ඇල්මක් තියෙන පුද්ගලයෝ..මෙන්න මේ වගේ Groups,Pages එක්ක නිතර නිතර එකතු වෙන්න..

මදකට හිතාගන්න ඔයා Graphic Designer කෙනෙක් කියල..නැත්නම් ඒ ක්ෂේත්‍රයට ඇල්මක් තියන කෙනෙක් කියලා..ඔයා Facebook එකේ එහාට මෙහාට යද්දී වැඩකට නැති Post දැකල ලේ පුච්චගන්නවට වඩා,නළු නිළියන්ගේ photos පෙනෙනවට වඩා මනුස්සයෙක් නිර්මාණය කරපු උසස් තත්ත්වයේ Graphic Design එකක්, Graphic Designing ගැන ලියවුනු වටිනා ලිපියක් දැක්කොත්..මනුස්සයෙක්ගේ Success Story එකක් දැක්කොත් ඔයාගේ හිතට ඒක වදිනවා,ඔයාටත් හිතෙනවා මේ නිර්මාණය කරලා බලන්න ඕනේ කියල,මමත් දියුණු වෙන්න පටන් ගන්න ඕනේ කියල ඔයාට හැගීමක්,උවමනාවක් ඇති වෙනවා..මෙන්න මේකයි මට ඔයාලට පැහැදිලි කරන්න අවශ්‍ය උනේ..මේක නිතරම හිතේ තියා ගන්න.

3. අන්තිම වශයෙන් අපි Facebook Profiles ගැන ටිකක් කතා කරමු..මෙතැනදී ඔයාට පුළුවන් ඔයාට ප්‍රජෝනවත් කියල හිතෙන,වැදගත් කියල හිතෙන දේවල් නිතර Share කරන Profiles "See First" දාල තියාගන්න.එතකොට ඔයාගේ Feed එකේ මුලින්ම එයාගේ Post බලාගන්න පුළුවන්.නිතරම Friend List එකෙත් මේ වගේ අය තියාගන්න උත්සහ කරන්න..මෙතනදීත් කියන්න තියෙන්නේ දෙවෙනි කොටසේ අන්තිමේදී කියපු දේම තමයි..ඒක ඔලුවේ තියා ගන්න..

ඉතින් මේ වගේ Pages,Groups,Profiles නිතර ඇසුරු කරනවනම් ඔයාගේ Feed එකත් පිරෙන්නේ මෙන්න මේ දේවල්වලින්..ඔයාගේ Feed එක හදාගන්නෙත් ඔයා විසින්මයි..එහෙනම් ඒක වෙනස් කරගන්න පුළුවන් වෙන්නෙත් ඔයාටම තමයි..Facebook එනවා යනවා නෙවේ..ඔය එන වෙලේ ජීවිතේටත් මොනවහරි දෙයක් එකතු කරගෙනම යන්න..

Contact Me

Contact With Me

I'll typically reply to all email inquiries within 24 hours.

  • Kegalle, Sri Lanka
  • (+94)74-0047230
  • director@srilankapuwath.com
  • www.shanukashehan.com