Tuesday, May 19, 2020

Customize Facebook Feed for Motivate You
"Facebook Feed එක ඔයාව Motivate කරන තැනක් කරගමු."

Facebook එකේ,
දවසට කීවතාවක් එහෙමෙහෙ යනවද?
කොච්චර කාලයක් රැදිලා ඉන්නවද?
ඒ හිටපු කාලය ඇතුලත ජීවිතේට දෙයක් ගත්තද?නැද්ද?
මේ ප්‍රශ්න තුන ඔයා ඔයාගෙන්ම ටිකක් අහලා බලන්න.තව දෙයක්,මෙතනින් එහාට මෙන්න මේක හිතේ තියාගෙන මේක කියවන්න,
"සමාජ ජාලා යනු හොද නරක මේ දෙකම එක හා සමානව රැදෙන තැනක්, සිතුවිලි පවා පාලනය කිරීමට හැකියාවක් ඇති තැනක්..උපරිම ප්‍රයෝජන ගත හැකි තැනක්. නමුදු ඔබ ඒ සදහා දක්ෂ විය යුතුය."
අපි දැන් මේ ගැන කතා කරමු.
1. ඔයාට වැඩක් නැති නිෂ්ඵල දේවල් අයින් කරලා දාන්න.
ඔයාට පුළුවන් ඔයා අකමැති/ නිෂ්ඵල Post දැක්ක ගමන් පළවෙනි සැරේ ඒවා Hide කරන්න.නැවත නැවතත් ඒ Page එකෙන්,Group එකෙන් හෝ Profile එකෙන් ඒ වගේ දේවල්ම පළ කරනවනම් ඔයාට පුළුවන් ඒවා Unfollow කරන්න. එතකොට ඔයාගේ Feed එකේ නැවත එයාල පළකරන දේවල් නොපෙනේවි.

2.ඔයාගේ ක්ෂේත්‍රයට, වෘත්තියට ගැලපෙන Active Facebook Groups,Pages එක්ක එකතු වෙන්න.Success Stories වගේ Motivational දේවල් Share කරන Pages,Groups එක්ක එකතු වෙන්න.
ඔයාට පුළුවන් ඉහතදී සදහන් කල Groups,Pages නිතරම ඇසුරු කරන්න. ඒවගේ Pages,Groups නිතරම Follow කරලා තියාගන්න.
මේ වගේ Groups වලට හොදම උදාහරණක් තමයි Online Entrepreneurs Club™ Group එක.හිතන්න මේ වගේ තැනක ගොඩක්ම රැදිලා ඉන්නේ වැඩක් කරන පුද්ගලයෝ,සාර්ථක පුද්ගලයෝ,ඉගෙනගන්න ඇල්මක් තියෙන පුද්ගලයෝ..මෙන්න මේ වගේ Groups,Pages එක්ක නිතර නිතර එකතු වෙන්න..
මදකට හිතාගන්න ඔයා Graphic Designer කෙනෙක් කියල..නැත්නම් ඒ ක්ෂේත්‍රයට ඇල්මක් තියන කෙනෙක් කියලා..ඔයා Facebook එකේ එහාට මෙහාට යද්දී වැඩකට නැති Post දැකල ලේ පුච්චගන්නවට වඩා,නළු නිළියන්ගේ photos පෙනෙනවට වඩා මනුස්සයෙක් නිර්මාණය කරපු උසස් තත්ත්වයේ Graphic Design එකක්, Graphic Designing ගැන ලියවුනු වටිනා ලිපියක් දැක්කොත්..මනුස්සයෙක්ගේ Success Story එකක් දැක්කොත් ඔයාගේ හිතට ඒක වදිනවා,ඔයාටත් හිතෙනවා මේ නිර්මාණය කරලා බලන්න ඕනේ කියල,මමත් දියුණු වෙන්න පටන් ගන්න ඕනේ කියල ඔයාට හැගීමක්,උවමනාවක් ඇති වෙනවා..මෙන්න මේකයි මට ඔයාලට පැහැදිලි කරන්න අවශ්‍ය උනේ..මේක නිතරම හිතේ තියා ගන්න.

3. අන්තිම වශයෙන් අපි Facebook Profiles ගැන ටිකක් කතා කරමු..මෙතැනදී ඔයාට පුළුවන් ඔයාට ප්‍රජෝනවත් කියල හිතෙන,වැදගත් කියල හිතෙන දේවල් නිතර Share කරන Profiles "See First" දාල තියාගන්න.එතකොට ඔයාගේ Feed එකේ මුලින්ම එයාගේ Post බලාගන්න පුළුවන්.නිතරම Friend List එකෙත් මේ වගේ අය තියාගන්න උත්සහ කරන්න..මෙතනදීත් කියන්න තියෙන්නේ දෙවෙනි කොටසේ අන්තිමේදී කියපු දේම තමයි..ඒක ඔලුවේ තියා ගන්න..

ඉතින් මේ වගේ Pages,Groups,Profiles නිතර ඇසුරු කරනවනම් ඔයාගේ Feed එකත් පිරෙන්නේ මෙන්න මේ දේවල්වලින්..ඔයාගේ Feed එක හදාගන්නෙත් ඔයා විසින්මයි..එහෙනම් ඒක වෙනස් කරගන්න පුළුවන් වෙන්නෙත් ඔයාටම තමයි..Facebook එනවා යනවා නෙවේ..ඔය එන වෙලේ ජීවිතේටත් මොනවහරි දෙයක් එකතු කරගෙනම යන්න..

- Shanuka Shehan -


E-mail to Us

Contact Us
Shanuka Shehan
+94-74-0047230
Kegalle, Sri Lanka