Tuesday, May 19, 2020

Facebook AI & Fake Profiles
ඉතින් ඔයා මේ වෙනකොටත් Facebook එකේ Accounts දෙක තුනක් පවත්වාගෙන යනව ඇති.ඉතින් ඒ වගේ අයට තමා විශේෂයෙන්ම මේ Post එක වැදගත් වෙන්නෙ.
ඉතින් ඔයාල මේ වෙනකොටත් ප්‍රධාන Account එකට අමතරව තවත් Accounts දෙකක් හෝ තුනක් පවත්වාගෙන යනවා ඇති.ඉතින් මේක සාමාන්‍ය දෙයක්.මේ ලිපිය ලියන්නේ ඔයාලට පොඩි දෙයක් කියල දෙන්න.
Fake Profiles කියන දේ අපිට කවදාවත් නවත්වන්න බැහැ.මේක සාමාන්‍ය දෙයක් වෙලා ඉවරයි.ඉතින් මේ දවස්වල පොඩි රැල්ලක් විදිහට යනවා මම දැකල තියෙනවා සමහරක් අය තමාගේ main profile එකට අමතරව තවත් account එකක් ප්‍රසිද්දියේ පවත්වගෙන යනවා.(උදාහරණයක් ගත්තොත් එක්කෙනෙක් Shanuka Shehan කියල තමාගේ main account එක පවත්වගෙන යනවා කියල හිතන්න.ඒ වගේම ඒ පුද්ගලයාම Shanuka Shehan II කියල තමාගේ Secondary Account එක පවත්වාගෙන යනවා කියල හිතන්න.ඊට අමතරව මේ දෙකේම Profile Picture එක විදිහට මෙයා භාවිතා කරන්නේ තමන්ගෙම photo එකක් කියල හිතන්න)ඉතින් මේකේ පොඩි අවධානමක් තියනවා.
ඔයාලා මේ වෙනකොටත් දන්නවා ඇති Facebook AI එක ගැන.තව ටිකක් විස්තර කරොත් facebook එකේ කෘතීම බුද්ධිය කියන තාක්ෂනය ගැන.ඉතින් මේ වෙනකොට මේක ගොඩක් හොද තත්ත්වයක පවතිනවා.Facebook AI එකෙත් දෝෂ නැතුවාම නෙවේ.
ඉතින් ඉහතදී කිව්වා වගේ අවස්ථාවකදී මේ AI එකෙන් මේක හදුන ගන්නේ ඵකේ Fake Profiles විදිහට.ඉතින් මේ විදිහට ඔයාගේ Name එක,Profile Picture එක කියන සාධක අනුව මේ profiles දෙක AI එකට detect උනොත් ඔයාගේ accounts දෙකෙන් එකක් facebook එකෙන් අයින් කරන ප්‍රවණතාවය වැඩියි.ඉතින් මේකෙදි නැතිවෙන්නේ ඔයාගේ දෙවෙනි Account එක වෙන්නත් පුළුවන්,Main Account එක වෙන්නත් පුළුවන්.අන්න ඒක තමා මේකේ තියන බරපතලකම.ඉතින් මේකෙදි ඔයාගේ වටිනම account එකට මොනවහරි උනොත් ඒක ගොඩක් ලොකු බලපෑමක් වගේම මේකෙදි ඔයාගේ Account එක Facebook එකෙන් නැවත recover කරගන්නත් බැරි තත්ත්වෙකට පත්වෙනවා.
ඉතින් ඔයා accounts දෙකක් හෝ තුනක් පවත්වාගෙන යනවනම් හෝ පවත්වාගෙන යාමට හිතන් ඉන්නවනම් ඔයාගේ accounts වල Profile names ගැන වගේම profile pictures ගැනත් සැලකිලිමත් වෙන්න.මොකද ඔයාගේ face එකත් AI එකට හදුනා ගැනීමේ හැකියාව තියනවා.ඉතින් මේ දේවල් ගැන කල්පනාවෙන් Fake Profiles පවත්වගෙන යන්න.මොකද වෙලාවක ඔයාටවත් දැනෙන්නැති විදිහට ඔයාගේ වටිනාම account එක Facebook එකෙන් නැති වෙලා යන්නත් ඉඩ තියනවා.

- Shanuka Shehan -


E-mail to Us

Contact Us
Shanuka Shehan
+94-74-0047230
Kegalle, Sri Lanka