Tuesday, May 19, 2020

Is Social Media a trap that destroys people?
"සමාජ ජාලා මිනිස්සු විනාශ කරන උගුලක්ද?"

ඇත්තටම මේක උගුලක්ද?
අපි මේ කතාව සමාජයෙන්ම පටන් ගමු.සමාජයෙ ජීවත් වෙන්නෙ එකිනෙකට සමාන මිනිස්සු නෙවේ.ඒක ඔබත් මමත් හොදින්ම දන්නා කරුණක්. විවිධ මතිමතාන්තර දරන, විවිධ තරාතිරම්වල, සහ විවිධාකාර වූ බුද්ධි මට්ටම් වල මිනිස්සු සමාජයේ වාසය කරනවා. හැම කෙනෙක්ම හිතන විදිහ වෙනස්. ඇතැමෙක් කෙනෙක් ගැන ධනාත්මක ඇසින් බලද්දි තවත් අයෙක් ඔහු දෙසම ඍනාත්මක ඇසින් බලන්න පුළුවන්. ධනාත්මකව බලන පුද්ගලයාට ඒ කෙනා ගැන කොච්චර හොද පැහැදීමක් තිබුණත් අනෙක් පුද්ගලයාට ඔහු ගැන හටගන්නෙ අපැහැදීමක් ,ඒ කෙනා හොද දෙයක් කරත් නරකක් විදිහටයි මේ පුද්ගලයාට පේන්නෙ.
දැන් අපි "සමාජ ජාලා" කියන දේ මේකට සම්බන්ධ කරගමු.

ඇත්තටම සමාජ ජාලා කියන්නෙ මොකක්ද?
මේකට සරලවම උත්තරයක් දුන්නොත් සමාජයේ වෙසෙන විවිධාකාර වූ මිනිසුන් එකිනෙකට සම්බන්ධ වී ගොඩනැගෙන සමූහයක්, නැත්නම් ජාලයක් කියලා හදුන්වන්න පුලුවන්.

ඇත්තටම මොකටද මේ සමාජ ජාලා?
කෙටියෙන්ම උත්තරයක් දුන්නොත්,
මේ විවිධාකාර වූ මිනිසුන් සමග, ලෝකයාත් සමග එකිනෙකා හා සම්බන්ධ වීමට නිර්මාණය වූ තැනක්,
තම හැකියාවන් දක්ෂතාවන්,අදහස් මතිමතාන්තර ලෝකයාත් සමග බෙදා හදා ගන්න වේදිකාවක්,
මේ වගේ ගොඩක් නිර්වචන දෙන්න පුළුවන්..

සමාජ ජාලා වලින් වැඩක් තියේද? වැඩක් කර ගත්ත අය ඉන්නවද?
ඇත්තටම මේ දේ තීරණය වන්නෙ එක් එක් පුද්ගලයාගේ ආකල්ප සහ බුද්ධි මට්ටම මත.මම ඉහතදී කතා කළ දෙය ඈදා ගත යුත්තේ මෙතැනටයි.සමාජ ජාලා ආශ්‍රයෙන් ලෝකයක් දිනපු මිනිස්සු ඉන්නවා.ජීවිතේ සාර්ථක කරගත්ත මිනිස්සු ඉන්නවා.ඒකට අමුතුවෙන් උදාහරණ දෙන්න අවශ්‍ය නැහැනෙ.නිතරම ඒ චරිත ආදර්ශයට ගන්න. දෙයක් හිතන්න පුරුදු වෙන්න.ඔයාටත් සාර්ථක චරිතයක් වෙන්න පුළුවන්.අනිවාර්යෙන්..

සමාජ ජාලා කියන්නෙ විවිධ වූ මනුෂ්‍ය කොට්ඨාස රැදෙන තැනක්.හොද නරක මේ දෙකම තියෙනවා. ඔබ සමාජ ජාලා අනිසි විදිහට භාවිතා කරන්නේ නම් ලැබෙන ප්‍රතිපලයද සුභවාදී නොවේ. නිතරම බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි.හොද නරක වෙන්කර හදුනා ගැනීමට ඔබට හැකියාව තිබිය යුතුයි. සමාජ ජාලා භාවිතයේ ප්‍රයෝජන මෙතෙකැයි කියා සීමා කළ නොහැක.එය නිසි ලෙස හරි දේට යොදාගත්තොත් එය ඔබේ දක්ෂතාවයකි.

අන්තිම කරුණ..
සමාජ ජාලා විනාශයේ මුල කරගන්නවාද, සාර්ථකත්වයේ මුල කරගන්නවාද කියන එක ඔබටම භාරයි..
මීළග ලිපියෙන් "සමාජ ජාලා නිවැරදිව භාවිතා කිරීම" ගැන වැඩිදුරටත් සාකච්ඡා කරමු..

- Shanuka Shehan -


E-mail to Us

Contact Us
Shanuka Shehan
+94-74-0047230
Kegalle, Sri Lanka