Blue Badge Verification

Blue Badge Verification

අද කතා කරමු "බ්ලූ බැජ්" එක ගැන, එහෙමත් නැත්නම් Verification ගැන..සරලව..

• ඇත්තටම මොකක්ද මේ Blue Verification/ Verified Badge/ Blue Badge/ Verification Checkmark කියන්නෙ?

හිතන්න ඔයා මොකක්මහරි ක්ෂේත්‍රයක කැපී පෙනෙන චරිතයක් කියලා. (ගායකයෙක් වේවා, නලුවෙක්/නිළියක් වේවා, ක්‍රීඩකයෙක් වේවා..මේ වගේ ඕනම ක්ෂේත්‍රයක ටිකක් කැපී පෙනෙන චරිතයක් කියලා හිතන්න..)

ඉතින් ඔයා යම්කිසි Social Media Platform එකක ගිණුමක් හදනවා. ඉතින් ඔයා මේ ගිණුම පවත්වාගෙන යද්දි ඔයාගෙ Details ම දාලා තවත් කෙනෙක් හෝ කීපදෙනෙක් ඔයාගෙ වගේම Account එකක් හෝ කීපයක් පවත්වාගෙන යනවා. ඉතින් මෙතනදි ඔයා ප්‍රසිද්ධයි කියන්නෙ අනිවාර්යයෙන් ඔයා වටේ යම්කිසි පිරිසක් රැදිලා ඉන්නවා (Audience). ඉතින් මේ Audience එක/ ඔයාගෙ ප්‍රේක්ෂකයො ටික ඔයා රැක ගන්න ඕන..

ඔන්න දැන් හිතන්න ඔයාගෙ නමින් Fake Account එකක් හදාගෙන ඉන්න කෙනෙක් ගැන.. ඉතින් මේ කෙනාගෙ වැඩේ ඔයාගෙම දේවල් නිතර Upload කරගෙන එයාට ඕන විදිහට එහෙමත් නැත්නම් එයාගෙ විදිහට Account එක නඩත්තු කරගෙන යන එක. තවත් විදිහකින් කීවොත් යම්කිසි ආකාරයකින්, ඔයාගෙ අනන්‍යතාවය සොරාගැනීමක්/ පාලනය කිරීමක් මේ කරන්නෙ..

සමහරක්විට ඔයාගෙ Profile එකේ Follows සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක් ඒ 'Fake' Profile එකට ඉන්නත් පුළුවන්..මේ ආශ්‍රිත හේතූන් නිසා බහුතරයක් පිරිස ඔයාගෙ ඇත්තම Profile එකට එකතු වෙනවා වෙනුවට මේ 'Fake' Profile එකට එකතු වෙන්න පුළුවන්. කෙටියෙන්ම කීවොත් ඔයාගෙ Audience එක නොමග යනවා.. ඉතින් මේ පුද්ගලයා ඔයාගෙ හතුරෙක් වුනොත්....

ඉතින් හිතන්න මේ ආශ්‍රිත තැනකදි වෙන්න පුළුවන් දේවල්.. ප්‍රධාන වශයෙන්,
√ ඔයාගේ වටේ එකතු වෙලා ඉන්න පිරිස (Audience) එක නොමග යන්න පුළුවන්.
√ ඔයාගෙ ප්‍රතිරූපයට සෘජුවම හානියක් වෙන්න පුළුවන් ඉඩකඩ වැඩියි.
ඉතින් මේ වගේ තවත් ගොඩක් අවාසිදායක තත්ත්ව වලට ඔයාට මුහුණ දෙන්න වෙනවා..

ඉතින් මේවගේ අවස්ථාවලදී ඔයාගෙ අනන්‍යතාවය අනිත් අයගෙන් බේරගන්න, ඔයාගේ Audience එක 'අතරමං' වෙන එක/ නොමග යාම නතර කරන්න තමයි Verification කියලා දෙයක් හදුන්වා දීලා තියෙන්නේ. 

මෙතනදි ඒ ඒ සමාගම් විසින් යම්කිසි ක්‍රියාවලික් ඔස්සේ ඔයාව ඒ ඒ Platforms තුළ තහවුරු කිරීමක් කරනවා. ඔයාගෙ Profile එක වෙන්න පුළුවන්, Page එකක් වෙන්න පුළුවන් , මේ Profile එක/ Page එක ඔයාගෙමයි, නැත්නම් නිළ ගිණුම/ පිටුව මේකයි කියන එක අනිත් අයට පෙන්නලා දෙන එක තමයි මෙතනදි වෙන්නෙ. මේ සදහා තමයි එයාලා Verified සළකුණක් භාවිතා කරන්නෙ. ඔවුන්ගේ තහවුරු කිරීමේ ක්‍රියාවලිය ( Verification Process ) ඔයා සම්පූර්ණ කරොත් ඔයාගෙ 'නම' අවසානයේ අදාළ සළකුණ (Verified checkmark) පෙන්නුම් කරනවා.

• මේ Badge එක ගන්න සුදුසුකම් මොනවද?

ඔයා යම්කිසි හෝ ප්‍රසිද්ධියක් උසුලන පුද්ගලයෙක්නම්, කෙටියෙන්ම කීවොත් ඔයා වටේ මිනිස්සු එකතු වෙලා ඉන්නවනම් මේක ගන්න එක අමාරු දෙයක් නෙවේ.

මූලිකවම,
• ඔබ යම්කිසි ප්‍රසිද්ධියක් උසුලන කෙනෙක් වෙන්න ඕන.
ඔයාට "Public Presence" එකක් තියෙන්න ඕන සරලවම කීවොත් මිනිස්සු අතර ඔයා "චරිතයක්" වෙන්න ඕන, මිනිස්සු ඔයා ගැන හොයන්න ඕන..

මීට අමතරව එක් එක් සමාගම් මේ සදහා යොදාගන්නා ක්‍රමවේදයන් / Requirements වෙනස් විය හැකියි.

• මොකක්ද මේ Badge එක ගැනීමේ වාසිය?

මෙය ලබාගැනීමේ එකම වාසිය නම්, මිනිසුන් නොමග යෑම වැළකීම හා ඔබගේ අනන්‍යතාවයට / චරිතයට හානියක් වීමේ අවදානම අඩු වීමයි.

මීට අමතරව කිසිදු Feature එකක් Verified ලකුණ ඇරෙන්නට හිමි නොවේ. 

• ඔයා මේ සදහා ( Verification ) සුදුසුකම් ලබා ඇත්දැයි පරීක්ෂා කරන්නෙ කොහොමද?

මේ සදහා ඒ ඒ Platforms වලින් ඔබට ඉල්ලීමක් ( Request ) කළ හැකිය.
• Facebook හි නම්, මේ සදහා වෙන්කළ පෝරමයක් ඇත.
https://www.facebook.com/help/contact/342509036134712
https://www.facebook.com/help/1288173394636262 

• මීට අමතරව Instagram වල නම්, Settings - > Account - > Request Verification ඔස්සේද ඔබට ඉල්ලීමක් කළ හැකිය.

• මේ වනවිටත් 'Twitter' Verification අවුරුදු කිහිපයක් තිස්සේ තාවකාලිකව නවතා දමා ඇති නමුත් එළැඹෙන 2021 ආරම්භයේ සිට නැවත එය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව නිළ වශයෙන් මේ වනවිටත් එම සමාගම දැනුම් දී ඇත.
https://help.twitter.com/en/managing-your-account/about-twitter-verified-accounts

මෙහිදී අදාල සමාගම විසින් මෙම ඉල්ලීම (Request) Review කර ඔබ වෙත ආපසු දැනුම් දීමක් සිදු කරයි. මෙහිදී ඔබ මේ සදහා සුදුසුකම් ලබා ඇත්නම් ඔබගේ අනන්‍යතාවය ඔප්පු කිරීමෙන් ඔබේ ගිණුම සත්‍යාපනය කර ගත හැකිය.

• Blue Badge / Verification ආශ්‍රිත ගැටලු සහ මතවාද -

× Verified Badge එකත් එක්ක ඒ ඒ Platforms තුළ යම්කිසි බලයක් හිමිවෙනවාද?

කිසිසේත්ම නැත. Verification යනු ඉහත දැක්වූ පරිදි හුදෙක් අනන්‍යතාවය තහවුරු කිරීමක් පමණකි.

× Verify කරන්න නම් Likes, Follows, Reach විශාල සංඛ්‍යාවක් තියෙන්න ඕනද? 

ඔව්. ඒත් එක්කම නෑ කියලත් කියන්න පුළුවන්..
ඇයි "නෑ" කියන්නෙ, 
හිතන්න, උදාහරණයකට ගත්තොත් හැමෝම දන්න "ශාරුක් ඛාන්".. ඉතින් ශාරුක්ගේ Fan base එක කොහොමද කියන එක ඕනම කෙනෙක් දන්නවා. ඉතින් ඔයා ටිකකට හිතලා බලන්න ශාරුක් ට මේ වෙනකම් Facebook Page එකක් තිබුණෙ නෑ කියලා. ඉතින් ශාරුක් අද දවසෙ නම් තමන්ගෙම කියලා Facebook Page එකක් නිර්මාණය කරේ, Facebook Platform එක තුළ ශාරුක් ගේ Real Page එක අනිත් Fake Pages, Accounts අතරින් Highlight කරලා පෙන්නන්න ඕන නේද? ඒ පිටුව ඉක්මනින්ම සත්‍යාපනය (Verify) කිරීමට අවශ්‍යයි නේද? (දළ අදහසක් ගන්න..)

ඒවගේම මෙතනදි පිටුව ආරම්භ කරේ 'අද' ද, 'ඊයෙ' ද, දැන් 'අවුරුද්දකට කලින්' ද කියන කාල සීමාවෙ අදාලත්වයක් ද නැත.

Likes තියෙනවද, Followers ලා ඉන්නවද, හොද Reach එකක් තියෙනවද, කියන එක මෙතනදි 'ඉතා වැදගත්' නැහැ. ඔබ මේ සදහා සුදුසුකම් සපුරන ලද කෙනෙක්නම් නිසැකවම මෙය හිමි වේ.

× Verification එක ගන්නෙ කොහොමද? මේ සදහා පළපුරුදු අයෙකු අවශ්‍යමද? 

නැත. පළමුව ඔබට, ඔබ මේ සදහා 'සුදුසුද' යන්න පරික්ෂා කරගත හැකිය. ( ඉහතින් විස්තර කර ඇත. ) 

ඔබ සුදුසුකම් සපුරා ඇත්නම් ඊළගට කළ යුත්තේ සරලවම කිවහොත් ඔබගේ අනන්‍යතාවය ඔප්පු කිරීමයි. ( මෙම කාර්යයේදි සහයක් අවශ්‍යනම්/ ඔබට තනිව කළමණාකරණය කරගත නොහැකි නම්, මෙතැනදී පළපුරුදු අයෙකුගේ සහය ලබාගත යුතුයි. )

ඉන්පසු යම්කිසි ක්‍රියාවලියක් යටතේ ( Verification Process ) ඔවුන් ඔබගේ ගිණුම/ පිටුව සත්‍යාපනය ( Verify ) කිරීම සිදු කරයි. 

× Verification Badge එක ගන්න කොයිතරම් මුදලක් වැය කරන්න ඕනද? 

ඇත්තටම කිසිදු සමාගමකින් Verification සදහා කිසිදු මුදලක් අය නොකරයි. ඔබ මෙම ක්‍රියාවලියේදී තවත් අයෙකුගේ උපකාර ලබාගන්නවානම් මිසක කිසිදු මුදලක් ඒ ඒ ආයතනයට ගෙවිය යුතු නැත. 

× Verified Badge මුදලට ලබාගත හැකිද?

කිසිදු සමාගමකින් Verified Badge මුදලට ලබාගත නොහැකිය.