Facebook Algorithm #01

Facebook ඇල්ගොරිතමය සම්බන්ධයෙන් ඔබ වෙත ගෙන එන විස්තරාත්මක ලිපි පෙළෙහි පළමු ලිපිය මෙසේ ආරම්භ කරමි.

විශේෂයි:
මෙම ලිපි පෙළ කියවීමට අපහසු/ කාර්යබහුල අය සදහා මෙය ශ්‍රවණය කිරීමේ පහසුකමද සලසා ඇත. ඒ සදහා "Play" අයිකනය මත ක්ලික් කරන්න.
මෙම ලිපියෙහි ආරම්භයේදීම සදහන් කරන්න අවශ්‍යයි මෙම ලිපි පෙළ ඕනම දැනුම් මට්ටමකම අයෙකුට පහසුවෙන් වටහාගත හැකි ආකාරයෙන් සරල විග්‍රහයන් ඔස්සේ ලිවීමට උත්සාහ කරන අතර සියලුම ගැටළු, යෝජනා සහ චෝදනා සදහා පහතින් Comments Section එක භාවිතා කරන්න.

පළමු ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන දෑ:

1. Facebook ඇල්ගොරිතමය යනු කුමක්ද?

2. Facebook ඇල්ගොරිතමයෙහි විකාශනය සැකෙවින්.

1. Facebook ඇල්ගොරිතමය යනු කුමක්ද?

සරලවම කිවහොත් ඔබ Facebook පරිශීලනය කරන සෑම අවස්ථාවකදීම ඔබ ප්‍රධාන වශයෙන්ම වැඩිපුරම කාලයක් ගත කරන්නේ "Feed" එක මතයි. ඔබගේ මිතුරන් Share කරගන්නා දෑ, ඔබ Like/Follow කර ඇති පිටු සහ Groups වල පළවන දෑ, මේ සෑමදෙයක්ම ඔබට දර්ශනය කරන්නේ මෙම "Facebook Algorithm" හි ක්‍රියාකාරීත්වයෙනි.

ඔබට පෙන්විය යුතු දෑ, නොපෙන්විය යුතු දෑ, "මේ Post එක මුලින්ම, මේක දෙවෙනියට" යනාදී වශයෙන් වෙන් වෙන් වශයෙන් කාණ්ඩකර ඔබගේ "Feed" එක ක්‍රියාත්මක කරවන්නේ මෙම ඇල්ගොරිතමය මගිනි. සරලවම මෙලෙස හදුන්වන්නේ යම්කිසි උපදෙස් මාලාවක් යටතේ ක්‍රියාත්මක වන ක්‍රමලේඛනයකි. උදාහරණයක් ලෙස,ඔබ නිතර නිතර Comedies බලන ඒවා ගැන සොයන අයෙක් නම්, ඔබ ඒවාට විශේෂත්වයක් දක්වන අයෙක් නම් Facebook Algorithm විසින් එය හදුනාගෙන නිතරම ඔබේ Feed එකේ Comedy Contents පෙන්වීමට කටයුතු කරයි.

මේ ආශ්‍රිත විශේෂඥයින්ගේ පර්යේෂණ, අත්හදාබැලීම් වල ප්‍රතිඵලයක් ලෙස Facebook ආරම්භයේ සිට මේ දක්වා විටින් විට නව්‍යකරණය වෙමින් පවතින මෙම ඇල්ගොරිතමයෙහි සාර්ථකත්වය නිසාම ලොව වැඩිම පරිශීලකයික් ප්‍රමාණයකට හිමිකම් කියන Social Media Platform එක වීමට "Facebook" සන්නාමයට මේ වනවිටත් හැකියාව ලැබී තිබෙනවා.

ලොව පුරා බිලියන ගණනක් වූ පරිශීලකයින්ගේ දත්ත/තොරතුරු මත පදනම්ව ක්‍රියාත්මක වන මෙම බලවත් ඇල්ගොරිතමය ආරම්භයේ සිට මේ දක්වා වැඩි දියුණුවූ ආකාරය අප දැන් සැකෙවින් විමසා බලමු.

• 2004 වර්ෂයේදී මාර්ක් සකර්බර්ග් ඇතුළු කණ්ඩායම විසින් "Facebook" හදුන්වා දුන් නමුත් "News Feed" එක ඔවුන් විසින් හදුන්වා දෙන්නේ 2006 වර්ෂයේදී.

• 2007 වර්ෂයේදී ඔවුන් "Like Button" එක හදුන්වා දෙනවා. මේ ආකාරයෙන් ඔවුන් Like Button එක සමග ඔවුන්ගේ ඇල්ගොරිතමය ඉදිරියට ගෙන යනවා.

• නමුත් Facebook ඇල්ගොරිතමයෙහි ප්‍රධාන සන්ධිස්ථානය සනිටුහන් වන්නේ ඔවුන් "Sorting Order" සංකල්පය තමන්ගේ ඇල්ගොරිතමයට එක් කිරීමත් සමගයි. සරලවම පැහැදිලි කළහොත් මෙයින් අදහස් කරන්නේ ඉහත සඳහන් කළ ආකාරයෙන් "පළමුව මේක, දෙවෙනුව මේක" යනුවෙන් සැලැස්මකට අනුව පෙළ ගැස්වීමයි.

• තවදුරටත් ඉදිරියට යමින් වසර 6 කට පසුව ඔවුන් "See First Feature" එක ඔවුන්ගේ ඇල්ගොරිතමයට එක් කරනවා. උදාහරණයක් ගතහොත්,සිතන්න ඔබ 'A' නම් පුද්ගලයාගේ Posts වලට වැඩි විශේෂත්වයක් දක්වනවා කියලා. ඔහු Facebookහි යමක් Share කළ සැනින් එය ඔබට Feed එකෙහි මුලින්ම පෙන්වන අයුරින් සකසා ගැනීමට මෙහිදී ඔවුන්ගේ පරිශීලකයින්ට අවස්ථාව ලබාදී තිබෙනවා.

• ඉන්පසුව 2016 වර්ෂයේදී "Spend Come First" සංකල්පය මොවුන්ගේ ඇල්ගොරිතමයට එක් කරනවා. මෙතැනදී සරලවම සිදුවන්නේ Feed එකෙහි වැඩිපුරම ගත කරන කාලයේ ඇති දෑ (Posts, Videos ආදිය) ඔබට නිතර නිතර පෙන්වීමට සැලැස්වීමයි.

• තවදුරටත් ඉදිරියට යමින් 2017 වර්ෂයේදී ඔවුන් "Like Comes First" සංකල්පය ඇල්ගොරිතමයට එක් කරනවා. සරලවම Likes වලට ප්‍රධානත්වයක් නැත්නම් Priorityයක් ලබාදීම මෙහිදී සිදුවේ. උදාහරණයක් ගතහොත්, 'A' නම් පුද්ගලයාගේ Post එකකට Likes 50ක් ලැබී ඇති විට 'B' නම් පුද්ගලයාගේ Post එකකට Likes 20 ක් පමණක් ලැබී ඇත්නම් මෙහිදී සිදුවන්නේ 'A' නම් පුද්ගලයාගේ Post එක ඉහළට යාමත් 'B' නම් පුද්ගලයාගේ Post එක පහළට යාමත්ය.

• තව තවත් දියුණු වෙමින් 2018 වර්ෂයේදී "More Comments Comes First" සංකල්පය Facebook ඇල්ගොරිතමයට එක් කරනවා. මෙහිදීද සිදුවන්නේ ඉහත සඳහන් කළ ආකාරයෙන් "වැඩි එක ඉහළට, අඩු එක පහළට" යනාදී වශයෙන් ක්‍රියා කිරීමයි.

• එසේම 2019 වර්ෂයේදී ඔවුන් තවත් තරමක් සුවිශේෂී Option එකක් ඔවුන්ගේ පරිශීලකයින්ට ලබා දෙනවා. එනම්, "Why I Am Seeing This Ad?" Option එකයි. සරලවම මෙහිදී සිදුවන්නේ අප කැමති අකමැති Ads වර්ගීකරණය කර ගැනීමටත් කළමණාකරණය කරගැනීමටත් අපට අවස්ථාව ලබාදීමයි.

• අනතුරුව "Reporting Ads", එනම් අනවශ්‍යය, නොගැළපෙන Ads Facebook වෙත Report කිරීමේ හැකියාව ඔවුන් 2020 වර්ෂයේදී ලබා දෙනවා.

• අවසාන වශයෙන් 2021 වර්ෂයේදී ඔවුන් මේ සියලු සංකල්පයන්ගේ එකතුවකින් සැදුම්ලත් සංකල්පයක් ඔවුන්ගේ ඇල්ගොරිතමයට එක් කරනවා. මෙහිදී සිදුවන්නේ එකිනෙකා විශේෂත්වයක් දක්වන (Interest) දෑ හදුනා ගනිමින්, එවැනි දෑ හැකිතරම් "Feed" එකෙහි පෙන්වීමට කටයුතු කිරීමයි. තවත් ආකාරයකින් පැහැදිලි කළහොත් ඉහත සදහන් කළ කිහිප ආකාරයෙන්ම දත්ත Filter කරමින්/වර්ගීකරණය කරමින් විශේෂත්වයක් දක්වන දෑ හැකිතරම් පෙන්වීමට කටයුතු කිරීමත් අනෙකුත් දෑ හැකිතාක් ඉවත් කිරීමත් මෙහිදී සිදුවේ.

ඉතිරිය දෙවැනි ලිපියට..

8 thoughts on “Facebook Algorithm #01”

  1. පැහැදිලිව කියලා තීනවා..Facebook advertising ,boosting, ads manger wage දෙවල් වලටත් article එකක් ගෙන්න ❤🙂

Leave a Comment

Your email address will not be published. Required fields are marked *