When was Facebook actually hacked?

පසුගියදා (අප්‍රේල් 3), Facebook හි පරිශීලකයින් මිලියන 533 කට වැඩි පිරිසකගේ පෞද්ගලික දත්ත නොමිලයේ අන්තර්ජාලයට නිකුත් වූ බව ඔබ දැනටමත් දන්නවා ඇති. ඒ අතර විශේෂයෙන්, පරිශීලකයින්ගේ දුරකථන අංක, ඊමේල් ලිපින, ආදී තොරතුරුද ඇතුළත් විය. හැකර්වරුන් විසින් නොමිලයේම අන්තර්ජාලය වෙත නිකුත් කර ඇති මෙම දත්ත ඔවුන්ගේ 'Forum' එකක් ආශ්‍රයෙන් මෙලෙස නිකුත් වී ඇති බව මේ ආශ්‍රිතව විමසා බැලීමේදි සොයාගත හැකිවිය.

මේ සම්බන්ධව වැඩිදුරටත් සොයා බැලීමේදී මෙම දත්ත ගොනුව, එම "Forum" එක වෙත 2021 පෙබරවාරි මස ඇතුළත් වූ නව සාමාජිකයෙකු විසින් එක් කර ඇති බව සොයාගත හැකිවිය. එහිදී ඔහු,"I have Facebook 533 Million records106 Countries for Free" යනුවෙන් සදහන් කර ඇත. ඔහුගේ ගිණුම සම්බන්ධව ලැබුනු සාධක මත පදනම්ව ඔහුගේ ගිණුම නවක ගිණුමක් (New User) ලෙස පවතින බව පෙනී යයි.නමුත් අන්ර්ජාලයට නිකුත් වූ තවත් තොරතුරු ආශ්‍රයෙන් විමසා බැලූ විට මෙම දත්ත මීට මාස කිහිපයකට "පෙර" නිකුත් ඇති බවක් පෙනීයයි.

මේ ආශ්‍රිතව විමසා බැලූ විට ඉහත සදහන් කළ ගිණුමෙන් මෙම දත්ත "නොමිලයේම" ලබා දී ඇති නමුත් මීට පෙර "එම දත්ත ගොනුවම" තවත් ගිණුමකින්, "අළෙවි කර ඇති බව" පෙනීයයි. එම ගිණුම ගැන විස්තර කිරීමේදී,එම ගිණුම 2020 ජූනි මාසයේදී ආරම්භ කර ඇති බවත්,එම ගිණුම ඒ වනවිට "GOD User" ගිණුමක් ලෙස පැවති බවත් (උසස් Level එකක්) පෙනී යයි.

මේ ආශ්‍රිතව විමසා බැලීමේදී සරලවම,
✓ ඉහත සදහන් කළ නොමිලයේ නිකුත් කළ දත්ත ගොනුවම, මෙම ගිණුමෙන් 2020 ජූනි මස 06 වැනි දින,"අලෙවි කිරීම" සදහා නිකුත් කර ඇති බවත්,
✓ සදහන් කර ඇති විස්තර එක හා සමාන බවත් වැටහේ..මේ ආශ්‍රිතව විමසා බැලීමේදි පෙනී යන්නේ මෙසේ පෙරේරා දින නිකුත් වූ දත්ත සමූහය ඇත්ත වශයෙන්ම නිකුත් වී ඇත්තේ මීට "මාස 10" දහයකට පෙරාතුව බවයි.. මෙලෙස ලැබී ඇති තොරතුරු මත විමසා බැලූ විට මෙම දත්ත ගොනුවම මීට පෙර "නිකුත් වී තිබූ බවට" මෙලෙස සාධාරණ සැකයක් මතුවන අතරම මෙය සැබැවින්ම "නැවත පළකිරීමක්" වැනි ක්‍රියාවක් බව පෙනීයයි.කෙසේ වුවත් දැනට වාර්තාවන තොරතුරු අනුව මේ අතර ශ්‍රී ලාංකීය පරිශීලක දත්ත ඇතුළත් නොවන බව සදහන් වේ.

"නමුත් මෙය ස්ථිර තොරතුරක් නොවේ."එසේම, මෙය මෙසේ සිදුවූ පළමු අවස්ථාවද නොවේ. ඔබ මේ ආශ්‍රිතව උනන්දුවක් දක්වන අයෙක්නම් මින් පෙරද මෙසේ "දත්ත සොරාගත්" අවස්ථා දැක ඇති..කෙසේවුවත් තමාගේ පෞද්ගලිකත්වය ගැන සම්පූර්ණ අයිතිය ඇත්තේ තමාටයි, එසේම තමාගේ පෞද්ගලිකත්වය ගැන තීරණ ගැනීමේ අයිතියද ඔබ සතුයි.

"2-step Verification නිතරම On කරලා තියාගන්න, නිතරම ඔබේ ගිණුමේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට වග බලාගන්න."

©Shanuka Shehan