Thanks for visiting my blog! Get your welcome gift here! Get a free asset from Envato! Claim

Social Media for Business - Part 01

සෝෂල් මීඩියා ඔයාගේ ව්‍යාපාරය grow කරගන්න පාවිච්චි කරන්නේ කොහොමද? - මේ පලවෙනි කොටස

සෝෂල් මීඩියා ඔයාගේ ව්‍යාපාරය grow කරගන්න පාවිච්චි කරන්නේ කොහොමද? - මේ පලවෙනි කොටස

ඇත්තටම Social Media කියන දේ සරලවම ගත්තොත් මොකක් වගේද පෙන්නේ..? කොටින්ම පුද්ගල සමූහයක එකතුවක් නැත්නම් මිනිස්සු එදිනෙදා ජීවිතයේ “socialize” වෙන්න භාවිතා කරන මාධ්‍යක් විදිහට ගන්න පුළුවන්.

ඕනෑම කෙනෙක් පාසැල් වයසේදී එක එක “සෙට්” හදාගෙන ඇති. “IT සෙට් එක”, “ආතල් සෙට් එක”, “ආනන්දේ සෙට් එක” ඔන්න ඔය වගේ. තවත් සමහරු ක්‍රීඩා සමාජ වේවා සංගම් වේවා, මේ වගේ නොයෙකුත් දේවල් එක්ක සම්බන්ධ වෙලා ඇති. මේ වගේ දේවල් එක්ක අපි උත්සාහ කරේ තවත් පුද්ගලයෙක්, සමූහයක් සමග එකතු වෙන්න එහෙමත් නැත්නම් මුහුවෙන්න.. ඉතින් සරලවම කීවොත් Social Media කියන දේටත් පදනම හැදෙන්නේ මෙතැනින්. ඇත්තටම හිතලා බැලුවොත් සෝෂල් මීඩියා වලදි වෙන්නෙත් මේ දේමයි නේද..? එහෙනම් මොකක්ද මේකේ වෙනස? සෝෂල් මීඩියා කියනකොට අපිට ඔලුවට එන්නේ ඔහේ කාලය නාස්ති කරකර වීඩියෝ බල බල, like, comment කරකර ඉන්න පුද්ගලයෙක්නේ?

හරි, මේ points තුනට අපි අවධානය යොමු කරලා බලමු.

- Digitalization - ඩිජිටල්කරණය ඔස්සේ තැනුණු වේදිකාවක්, “කොවිඩ් වයිරස් එකත් එක්ක අපිට ඉගෙනීම් කටයුතු කරගන්න ගොඩක් අමාරු වුණා. පන්ති cut වුණා, ඉස්කෝලේ නෑ, ඒත් අපේ sirලා එකතු වෙලා YouTube චැනල් එකකින් අපිට පාඩම් කියලා දුන්නා, ගෙදරම ඉදන් ගොඩක් වියදම් අඩුකරගෙන phone එකෙන්ම පන්තියෙ ඉන්නවා වගේ මට මගේ පාඩම් වැඩටික කරගන්න ලැබුණා.”

- Expanded the network - අපිට පුළුවන් වුණා අපේ ජාලය පුළුල් කරගන්න, අළුත් මිනිස්සු හොයාගන්න, එයාලත් එක්ක මුහු වෙන්න, “පන්තියේ යාළුවෝ ටික විතරක්ම නෙවෙයි US වලත් මට දැන් යාලුවෝ ඉන්නවා”, “මන් වගේම මගේ field එකේ වැඩකරන සිංගප්පුරුවේ යාළුවො කීපදෙනෙක් මගේ ලිස්ට් එකේ ඉන්නවා, එයාලා මන් දන් නැති ගොඩක් දේවල් මට කියලා දෙනවා”

- Ability to share content - අපිට පුළුවන් වුණා අපේ අදහස්/අන්තර්ගත බොහෝ පිරිසක් අතර බෙදාහදා ගන්න, “මන් Digital Marketing සම්බන්ධයෙන් facebook එකේ දාපු ලිපියක් කියවලා field එකේ ඉන්න expert කෙනෙක් මාව අගයකරලා එයාගේ අදහස comment කරලා..”

ඉතින් මන් මේ කතා කරේ සෝෂල් මීඩියා අපි උඩින් කතා කරපු සමූහ වලින් වෙනස් වෙන්න හේතූන් කීපයක්..

Social Media කියන්නේ මොකක්ද, ඒකෙ වෙන්නේ මොකක්ද කියන දේ ගැන දල අදහසක් මේ ලිපිය කියවන ඔයාට දැනටමත් ඇති, මොකද ඔයා මේක කියවන්නෙත් Facebook කියන සමාජ මාධ්‍ය ජාලය ඇතුලේ ඉදන්.

අපි හැමෝම දවසකට සැලකිය යුතු වේලාවක් මේ සෝෂල් මීඩියා තුළ ගත කරන පුද්ගලයෝ විදිහට මේ වේදිකාවල පදනම/හරය තේරුම් ගෙන සිටීම අපි හැමෝටම වැදගත්. විශේෂයෙන්ම ඔයා බිස්නස් mindset එක්ක ඉන්න කෙනෙක් විදිහට. මොකද ඒක ඔයාගේ බිස්නස් වැඩවලට විතරක් නෙවෙයි, පරිශීලකයෙක් විදිහට ඔයාටත් බොහෝ තැන්වලදී වැදගත් වෙනවා. අපි ඒවගේ points කීපයක් ගැනම ඉස්සරහදි මේ ලිපි පෙලේදී කතාකරමු.

නමුත් මේ ලිපිය කියවන ඔයා මෙතැනදී අවධානය යොමුකළ යුත්තනම්, ඔබ මෙහි සාමාන්‍ය “පරිශීලකයෙක්ද?” නැත්නම් “උපක්‍රමශීලි පරිශීලකයෙක්ද” යන්නයි.

සාමාන්‍ය පරිශීලකයෙක් කියන්නෙ කවුද? සරලවම මූලික පරමාර්ථය සදහා පමණක් මේක පාවිච්චි කරන අය, ඒ කියන්නෙ එදිනෙදා ජීවිතයේදි socialize වෙන්න, සරලවම උදාහරණයක් ගත්තොත් “මන් අද කොළඹ ගියා කියලා මුහුදේ ෆොටෝ එකයි, රැල්ල පාගන වීඩියෝ එකයි, ගලදාරි එකේ dinner plate එකේ ෆොටෝ එකයි පෝස්ට් කරලා ඒකට යාලුවෝ දාන කමෙන්ස්ට් කියව කියව නිදිමරන සදුනි වගේ”, හිනා වෙන ගමන් ඔලුවටත් ගමු, ඒකයි මට ඕනේ.. නැවත track එකට,

ඒවගේම උපක්‍රමශීලි පරිශීලකයා, ඔහු ටිකක් උපක්‍රමශීලිව, ටිකක් හිතලා බලලා තමන්ගේ එදිනෙදා වැඩකටයුතු සදහා මේ platforms භාවිතා කරනවා. මේ ලිපිය කියවන ඔයත් ඒ වගේ කෙනෙක්, බොහෝ දුරට. ඉතින් මේ ලිපි මාලාවෙන් අපි යන්න හදන්නේ දෙවෙනි තැනට, ඒ කියන්නේ උපක්‍රමශීලි පරිශීලකයෙක් වෙන්න.

ඉතින් මෙතැනින් ඉස්සරහට අපි කතා කරන්න යන්නෙ මේ උපක්‍රමශීලී පරිශීලකයාට වැදගත් වෙන කරුණු කීපයක් ගැන. විශේෂයෙන්ම ව්‍යාපාරික වශයෙන් උපක්‍රමශීලී පරිශීලකයෙක්ට..

ඉතින් අපි සෝෂල් මීඩියා වල basics ටිකක් මේ විදිහට සරලව පැහැදිලි කරගත්තා. දැන් බහිමු අපේ මාතෘකාවට, “බිස්නස් සහ සෝෂල් මීඩියා”

මුලින්ම මාතෘකාවට යන්න කලින් අපි සමාජ මාධ්‍ය ජාලා වල මූලිකාංග "දෙකක්" ඔලුවට දාගන්න ඕන.

මොකක්ද ඒ මූලිකාංග දෙක, “ප්‍රධාන වශයෙන්ම සමාජ මාධ්‍ය ජාලා මිනිසුන්ට එකිනෙකා හා සම්බන්ධ වීමට අවකාශය හදලා දෙනවා (connect), ඒ වගේම අන්තර්ගත නිර්මාණකරණයටත් ඒවා බෙදා ගැනීමටත් අවස්ථාව සලසා දෙනවා (create and share content).” අපි Business සහ Social Media සම්බන්ධයට පදනම හදාගන්න ඕනේ මේ දෙක ඔලුවේ තියාගෙන.

එහෙනම් අපි සරලව Points කීපයක් ඔස්සේ මේ දෙක ගැනත් අදහසක් ගමු.

සරලවම අපිට බිස්නස් එකකට අවශ්‍ය කවුද? ඒකට තියෙන්නේ ඉතාම කෙටි උත්තරයක්, “මිනිස්සු”..

හිතන්න, Facebook, YouTube, Instagram වගේ බිලියන ගණනක සෙනගක් ඉන්න සෝෂල් මීඩියා නෙට්වර්ක්ස් මේ වෙද්දී අප වටා හැදිලා තියෙනවා, ඔයා මේ වෙනකොටත් මේ වගේ ගොඩක් platforms භාවිතා කරනවා.

“ඔයා facebook account එකක් create කරන ඒ මොහොතේම ඔයත් facebook එකේ ඉන්න බිලියන ගණනක සෙනගේ කොටස්කාරයෙක් වෙනවා.”

ඉතින් මේක ඇතුලේ අපිට අපේ භාණ්ඩය/සේවාව එදිනෙදා ජීවිතයේදී අවශ්‍යවන, ඒවා භාවිතා කරන කොතරම් පිරිසක් ඉන්නවාද? ඒ වගේම විවිධාකාරයේ වර්ගීකරණයන් ඔස්සේ ගතහැකි කොතරම් පිරිසක් ඉන්නවාද? උදාහරණයක් ගත්තොත් ජීවත්වෙන රට අනුව, Interests අනුව, වයස අනුව etc. ඒ වගේම පහසුව..“ අද සමහරක් සබදතා සම්පූර්ණ දුවන්නේ අතේ තියෙන smartphone එකෙන්.”

“එදිනෙදා ජීවිතයේ සෝෂල් මීඩියා භාවිතා කරද්දී මේ වගේ ඔයාලට වැදගත්වෙන මිනිස්සු ඔයාලා දැකල ඇති, හමුවෙලා ඇති, ඒ වගේම උඩින් mention කරපු ඒ “පහසුව” දැනිලා ඇති..”

ඉතින් ඔන්න අපිට අවශ්‍ය “මිනිස්සු” මෙතැන ඉන්නවා. එයාලත් එක්ක අපිට මුහු වෙන්න පහසුවෙලා තියෙනවා කියන අදහස ඔයාට තියෙනවා. ඊලග ප්‍රශ්නේ අපි මේ “මිනිස්සු” එහෙමත් නැත්නම් “මගේ product එක ගන්න කෙනා” අපේ බිස්නස් එකත් එක්ක “සෙට්” කරගන්නේ කොහොමද? මගේ product එක ගැන කියන්නේ කොහොමද?.. අපේ අවසාන ඉලක්කය අපේ බිස්නස් එක මේ platforms හරහා සාර්ථක කරගන්න එක, ඉතින් ඒ ඉලක්කය සපුරාගන්නනම් මේක තමා වැදගත්ම step එක. ඉතින් මෙතැනදී තමා මන් උඩින් සදහන් කරපු දෙවැනි අංගය අපිට වැදගත් වෙන්නේ, “content creation and sharing”. ඉතින් මේ කොටස අපිට වැදගත් වෙන්නෙ කොහොමද කියලා අපි උදාහරණත් එක්කම මේ ලිපි පෙළේ ඉදිරියේදී කතා කරමු.

ඉතින් අදට මේ කරුණු කීපය අපි ඔලුවට දාගමු.

ඉතිරිය දෙවැනි කොටසින්..

Experienced strategist on Digital Media Landscape. Skilled in Digital Media, Digital Marketing, Digital Journalism and many more Information Technology related subjects.